Sunday 31st of May 2026

English Tamil
Advertiesment


වෙසක් මාසය ඇමෙරිකාවේ දී මහා ඉහළින් සැමරේ


2024-05-14 14882

 

මහින්ද සමරසිංහ පෙරමුණ ගනී 

 

 
(අශෝක ජයතුංග වොෂින්ටන් DC සිට)

 

බුදුන්ගේ තෙමගුල සමරන වෙසක් මාසය උදාවීමත් සමඟම ඇමෙරිකාවේ ශ්‍රී ලාංකික මෙන්ම සෙසු බෞද්ධ විහාරවල වෙසක් සැමරුම් ආරම්භවී තිබේ. එහි පළමු උත්සවය වොෂින්ටන් DC බෞද්ධ විහාරයේදී පැවැති අතර උතුරු ඇමෙරිකාවේ ප්‍රධාන සංඝ නායක හා DC විහාරාධිපති මහරගම ධම්මසිරි නා හිමිගේ මෙහෙයවීමෙන් පසුගිය 04 දා පැවැත්විණ. 

හේනේපොළ ගුණරතන නා හිමිගේ ප්‍රධානත්වයෙන් වෙස්ට් වර්ජිනියා හා කටුගස්තොට උපරතන නා හිමිගේ ප්‍රධානත්වයෙන් ඉන්පසුව එළඹෙන සතියේ මේරිලන්ඩි විහාරයේදීද තානාපති මහින්ද සමරසිංහ මහතා හා එම කාර්යාලයේ මෙහෙයවීමෙන් වෙසක් දා ධවල මන්දිරයේදීද වෙසක් සැමරේ.

නැටුම්, ගැයුම්, වැයුම් රැගත් හෙළ බොදු සිරිතට අනුව සංවිධානය කළ වෙසක් පෙරහැර වොෂින්ටන් වීදිවල සංචාරය කරද්දී ඇමෙරිකානුවන්ගේ දැඩි අවධානයට එය ලක් විය. පෙරහැරේ ධාතු කරඬුව වැඩම කළේ වොෂින්ටන් තානාපති මහින්ද සමරසිංහ මහතාගේ හිස මතිනි. නියෝජ්‍ය තානාපති රොහාන් අඔගොල්ල මහතා ද ඊට දායකත්වය ලබා දුන්නේය. පෙරහැර නිමවා පැමිණි පසු මහා සංඝ රත්නයට හීල් දානය පිරි නැමිණ. තවද ගිහි 500 කට අධික පිරිසට සවු දන්සැලක් පැවැත්වීණ. ඒ සමග සැන්විච්, බිස්කට්, කේක් හා ජල බෝතල් ද ලබා දුන්නේය.

අනතුරුව බුද්ධ පූජා පිංකම පැවතියේ මේරිලන්ඩ් බෞද්ධ විහාරාධිපති ඇමෙරිකාවේ ප්‍රධාන අධිකරණ සංඝ නායක කටුගස්තොට උපරතන නා හිමිගේ ප්‍රධානත්වයෙනි. පන්සිල් පිහිටවීම රූපහ සෝරත හිමි විසින් සිදු කෙරිණ. පූජාව පිළිගැන්වීම තානාපති සමරසිංහ මහතා හා එම නිළධාරීන් මෙන්ම දායක සභාව සිදු කළහ.

එම දහම් පාසලේ දරු දැරියන්ගේ වෙසක් භක්ති ගී සංදර්ශනය පැවතියේ ඉන්පසුවය. සංඝ රත්නය උදෙසා දහවල් දානය පිරිනැමුණේ අනතුරුවය. පැමිණ සිටි සියලු සැදැහැවතුන්ට දිවා ආහාර හා අතුරුපස ලබාදීම සිදු වුයේ DC විහාරයේ එම වෙසක් සැමරුම නිමා කරමිනි. එම උත්සවයේ සංවිධාන කටයුතුවලදී වතුලියද්දේ රතනසීහ හා අමුණුගම ශ්‍රී නිවාස හිමිවරු පෙරමුණ ගත්හ.

Advertiesment